Home » නාරම්මල ලංවිම පාරිභෝගිකයින්ට දැනුම් දීමක්

නාරම්මල ලංවිම පාරිභෝගිකයින්ට දැනුම් දීමක්

by chanaka
December 22, 2023 4:34 pm 0 comment

නාරම්මල ප්‍රදේශයේ ලංවිම පාරිභෝගිකයින් සඳහා විද්‍යුත් බිල්පත් නොහොත් ඊ-බිල්පත් (e-Bill) සේවය 2024 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව සිය විදුලි බිල්පත් ඩිජිටල් ආකෘතියෙන් (digital format) කෙටි පණිවිඩ මාර්ගයෙන් (SMS) හෝ විද්‍යුත් තැපැල් මාර්ගයෙන් (email) ලබාගැනීමට නාරම්මල ප්‍රදේශයේ පාරිභෝගිකයින් හට හැකියාව ලැබේ. මුද්‍රිත බිල්පත් නිකුත් කිරීමේ සම්ප්‍රදායික ක්‍රමය නවතා නවමු ඩිජිටල් අත්දැකීමක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.

මේ සඳහා කෙටි පණිවිඩ (SMS) මාර්ගයෙන් ලියාපදිංචි වීමට REG<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය ලෙස සඳහන් කර 1987 අංකයට යොමු කළ යුතුය. මාර්ගගතව (online) ලියාපදිංචි වීමට ebill.ceb.lk වෙබ් පිටුව වෙත පිවිස එහි උපදෙස් අනුගමන කළ යුතුය.

ඒ අනුව ඊ-බිල්පත් සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙස පාරිභෝගික භවතුන් වෙත ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT