Home » සායින්දමරුදු ‘බොලිවේරියන් ගම්මානයේ’ ජනසභාවක් පිහිටුවයි

සායින්දමරුදු ‘බොලිවේරියන් ගම්මානයේ’ ජනසභාවක් පිහිටුවයි

by chanaka
December 22, 2023 1:37 pm 0 comment

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා විධිමත් අයුරින් ජනතා සහභාගීත්වය ලබාගැනීම තහවුරු කරනු පිණිස ශක්තිමත් ආයතනික ව්‍යුහයක් ලෙස ස්ථාපනය කිරීම අරමුණු කර ‘ජනසභා’ පිහිටු වීම යටතේ මේ වන විට දිවයින පුරා සාර්ථක ලෙස ආදර්ශ ජනසභා පිහිටුවා තිබේ.

ඒ අනුව පිහිටු වනු ලබන සුවිශේෂී ජනසභාවක් ඊයේ (21) සායින්දමරුදු බොලිවේරියන් ගම්මානයේ දී සාර්ථකව පිහිටුවනු ලැබිය.

සායින්දමරුදු ප්‍රාදේශීය ලේකම් එම්.එම්. ආසීක් සහ ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ සම්පත් දායකයෙක් වන රවින්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් මෙම ජනසභා පිහිටු වීම සිදුවිය.

මෙම ජනසභා මඟින් සිය ගම (හෝ නාගරික ඒකකය) වඩාත් සංවිධිත සහ සංවර්ධිත ඒකකයක් බවට පත් කිරීම සඳහා වන භෞතික, මානව සහ වෙනත් සංවර්ධන සැලසුම් සකස් කිරීම, එම සංවර්ධන සැලසුම් හි ප්‍රමුඛතා තීරණය කිරීම, ග්‍රාමීය සම්පත් හඳුනාගැනීම, සුබ සාධන අවශ්‍යතා හඳුනාගැනීම සහ ග්‍රාමීය පුරවැසි දුක්ගැනවිලි කළමනාකරණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් ලෙස කටයුතු කිරීම යන මූලික කාර්යයන් ඉටු කිරීමට අපේක්ෂිතය.

මෙයට අතිරේක වශයෙන් ගමේ ආර්ථික සමාජීය සහ සංස්කෘතික පුනර්ජීවනය සහ සංවර්ධනය සඳහා කටයුතු කරන සජීවී ව්‍යුහයක් ලෙස ස්වාධීනව කටයුතු කිරීමට ජනසභා සවිබල ගැන්වීමට අපේක්ෂිතය.

ජනතාව සවිබලගැන්වීම තුළින් ග්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීමටත් පුද්ගල සංවර්ධනය තුළින් ජාතික සංවර්ධනය සඳහා ඉඩ හසර විවර කර ගැනීමටත් මෙම ජනසභා ක්‍රමය තුළින් අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT