රටපුරා සිදු කෙරෙන මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමෙන් බේරෙන අදහසින් රහසිගතව සිය ගම්වලින් පිටවී ගිරිඋල්ල නගරයේ වෙළෙඳ සංකීර්ණයක ඉහළ මාලයේ සැඟව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ සැකකරුවන් තිදෙනකු විවිධ වර්ගයන්හි මත්ද්‍රව්‍ය ඇතුළු දේපොළ සමඟ ඉකුත් 19 වැනිදා අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දූනගහ, බාඳුරාගොඩ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද තමන්ගේ ගම් ප්‍රදේශවල වැටලීම්වලට අසුවීමේ අවදානමෙන් බේරීමට මෙසේ ගිරිඋල්ල නගරයට පැමිණ රහසිගතව ජාවාරමේ යෙදී සිට ඇතැයි සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 700ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි. මිලිග්‍රෑම් 600ක්, හෂීස් ග්‍රෑම් 07ක් සහ විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් සතුව තිබියදී පොලිස් භාරයට ගත් විද්‍යුත් තරාදිය කිලෝ ග්‍රෑම් එකකට වැඩි ස්කන්ධයක් මැණිය හැකි විශේෂ ගණයේ තරාදියක් බව අනාවරණය වී ඇත.
ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදු කෙරුණු මෙම වැටලීමේදී පොලිස් සුනඛයින් ද යොදා ගෙන සිදු කෙරුණු විමර්ශනයේදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් වූ සැකකරුවන් රහසිගත මත්ද්‍රව්‍ය ජාලයක සාමාජිකයන් බවට සැක කරන අතර ඔවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.