Home » සිසුවියන් තිදෙනකු විද්‍යාගාරයේදී අපයොජනය කළ විද්‍යා ගුරා කොටු

සිසුවියන් තිදෙනකු විද්‍යාගාරයේදී අපයොජනය කළ විද්‍යා ගුරා කොටු

එක් සිසුවියකගෙන් වට්ඇප් ඔස්සේ ඡායාරූප ඉල්ලා බලහත්කාරකමුත් කරලා

by mahesh
December 22, 2023 1:00 am 0 comment

බදුල්ල දකුණ සමූහ විමුක්ති සංජය පෙරේරා

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ අධ්‍යාපන කලාපයට අයත් පන්නල මහා විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු පාසලේ විද්‍යාගාරය තුළදී ලිංගික අපයෝජනයට ලක්කළා යැයි සැකපිට එම පාසැලේ 9 වැනි ශ්‍රේණියේ පන්තිභාර විද්‍යා ගුරුවරයෙකු පෙර්දා (20) අත්අඩංගුවට ගත් බව කීර්තිබණ්ඩාරපුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර කිතුල්ලේ, පල්ලේදෝව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක ගුරුවරයෙකු වන අතර, ඔහුගේ බිරිය ද ගුරුවරියක ලෙස සේවය කරන බව පොලිසිය පවසයි.

මෙම ගුරුවරයා පන්නල මහා විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරයා ලෙසත් විද්‍යාව විෂය නිර්දේශය උගන්වන බවත් මෙම සිසුවියන් තිදෙනාගෙන් එක් සිසුවියක් සමඟ ආදර සම්බන්ධ තාවයක් පවත්වාගෙන ගොස් අති අතර, එම සිසුවිය හරහා සම්බන්ධ වූ අනෙක් සිසුවියන් දෙදෙනාද ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි. මෙම සිසුවියන් හරහා ලද තොරතුරු අනුව මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගුරුවරයා එක් සිසුවියකගෙන් වට්ඇප් මඟින් ඇගේ නිරුවත් ඡායාරූප ඉල්ලා බලහත්කාරකම්කර ඇති අතර ගුරුවරයාගේ ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන පරීක්ෂණ පවත්වන බවත් මෙම සිසුන් තිදෙනා පාසලේ විද්‍යාගාරය තුළ දී ලිංගික අපයෝජනයට ලක්වී ඇතැයි මූලික විමර්ශනවලින් හෙළිවූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ගුරුවරයා වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, පාසල් සිසුවියන් තිදෙනා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා රිකිල්ලගස්කඩ මහා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT