Saturday, May 10, 2025
Home » කුලුඳුල් දරු ප්‍රසූතියේදී මවත් බිලිඳාත් වතුපිටිවල රෝහලේදී මිය ගිහින්

කුලුඳුල් දරු ප්‍රසූතියේදී මවත් බිලිඳාත් වතුපිටිවල රෝහලේදී මිය ගිහින්

by mahesh
December 22, 2023 1:00 am 0 comment

කොටදෙණියාව සමූහ - එම්. පුෂ්පකුමාර

වතුපිටිවල මූලික රෝහලේදී කුලුඳුල් දරුවා ප්‍රසූත කිරීමෙන් ටික වේලාවකට පසු මව මරණයට පත්ව ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කල්එළිය රත්මලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිම්මි සකුන්තලා නමැති 22 හැවිරිදි මවකි.

ඇය බිහි කළ දරුවා ද ප්‍රසූතියට පෙර මියගොස් සිටි බව ද හෙළිව ඇත.

මව දරු ප්‍රසූතිය සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 18 වැනිදාය.

මියගිය මවගේ පළමු දරු ප්‍රසූතිය මෙය වන අතර, මව එහිදි සීසේරියම් සැත්කමකට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මවගේ සහ බිලිඳාගේ මරණය පිළිබඳ තමන්ට සැකයක් පවතින බවත් ඒ පිළිබඳව රෝහල් පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදු කළ බවත් ඥාතීහු පවසති.

මේ පිළිබඳව අප කළ විමසීමකදී වතුපිටිවල මූලික රෝහලේ උසස් නිලධාරියකු පවසා සිටියේ මවගේ සහ බිලිඳාගේ මරණය පිළිබඳව සැකයක් පවතින බවටත් පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ පැවැත්වීමට විරෝධය පළ කිරීමටත් ඥාතීන් කටයුතු කිරීම හේතුවෙන් සිද්ධිය පිළිබඳව පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලද රෝහලකදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බවත් ඉන් අනතුරුව මරණයට හේතුව කුමක්ද යන්න කරුණු ඉදිරිපත් කරන බවත්ය.

නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT