Home » මිනිස්සුන්ට කවන්න ගෙනා කුණු බී ලූනු තොගයක් සීදුවේ සුපිරි වෙළෙඳසලක

මිනිස්සුන්ට කවන්න ගෙනා කුණු බී ලූනු තොගයක් සීදුවේ සුපිරි වෙළෙඳසලක

by mahesh
December 22, 2023 1:00 am 0 comment

කොච්චිකඩේ - ඩී. මිහිඳුකුල

පරිභෝජනයට නුසුදුසු බී ලූනු ටොන් තිහක් පමණ අලෙවි කිරීමට සූදානම් කරමින් සිටිය දී ලැබුණු පැමිණිල්ලක් අනුව සීදුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.පී.ටී. මානිල් සෝමතිලක සහ පී.ඒ.ඒ. අවන්ත ඉන්ද්‍රදාස යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂාවට ලක් කර එක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

බහලුම් තුනක ගබඩා කර තිබූ මෙම ලූනු තොගයෙන් පරිභෝජනයට නුසුදුසු කොටස ඉවත් කර පරිභෝජනයට සුදුසු කොටස මුදා හරින ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (20) නියෝග කළේය. පරිභෝජනයට නුසුදුසු බී ලූනු තොගය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කර දමන ලෙස නියෝගය සඳහන් කර තිබුණි.

සීදුව ලියනගේමුල්ල සුපිරි වෙ‍ළඳසලකින් මෙම බී ලූනු තොගය අත්අඩංගුවට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT