මධ්‍යම පළාත් ව්‍යවසායකත්ව පාසල් උද්‍යාන වැඩසටහනේ ජයග්රාහකයින්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය 19 වැනිදා මහනුවර ඕක්රේ උත්සව ශාලාවේදී පැවත්විණි. කෘෂිකර්ම, නව නිපයුම් හා දේශීය ආහාර රටාවන් ඇසුරින් පාසල් පද්ධතිය තුළ විශිෂ්ට පාසල් ව්‍යවසාය ක්‍රියාවට නන්වමින් අනාගත දරු පරපුර මුහුණදෙන අභියෝග ජය ගැනීම සඳහා ඔවුන් පෙළගැස්වීම අරමුණු කරගෙන මෙම වැඩසටහන මධ්‍යම පළාතේ පාසල් තුළ ක්‍රියාවට නැංවිණ.
එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම වැඩසටහනේ මූලිකත්වයෙන් ඔස්ට්‍රේලියානු ආධාර මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ අතර මෙම තරගාවලිය සඳහා මධ්‍යම පළාත තුළ පිහිටි අධ්‍යාපන කලාප 15 නියෝජනය කරමින් පාසල් 190 ක් තෝරාගෙන තිබුණි.
ආයුර්වේද, සෞඛ්‍ය, කෘෂිකර්මය යන ක්ෂේත්‍ර මූලික කරගෙන ඖෂධීය ගුණය පිරි ආහාර රටාවන් හා දේශීය ඖෂධ පිළිබඳ දැනුම ලබාදීම මෙන්ම කුළුබඩු භාවිතයේ වටිනාකම රෝග ව්‍යාප්තියේ පාලනය, නව කෘෂි තාක්ෂණ උපකරණ හා නව නිපයුම් පිළිබඳ දරුවන් වෙත දැනුම ලබා දෙමින් ඔවුන්ගේ කුසලතා හා ආකල්ප ප්‍රවර්ධනය කරමින් පාසල් පද්ධතිය තුළ නව ප්‍රවේශයක් ඇති කිරීමට මෙම වැඩ සටහනේදී පියවර ගෙන තිබිණ.
ත්‍යාග ප්‍රදානකිරීම වෙනුවෙන් ආදර්ශ පාසල් 71ක් තෝරාගෙන තිබුණු අතර එලෙස තෝරාගත් එක් පාසලක් වෙනුවෙන් රුපියල් 150,000ක මුදලක් පරිත්‍යාග කරන ලදි. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ. මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. දයානන්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් ගුරුවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.