Home » මීරිගම ඩඩ්ලි සේනානායක විදුහලේ ගුරු සිසු උපහාරය ජයටම

මීරිගම ඩඩ්ලි සේනානායක විදුහලේ ගුරු සිසු උපහාරය ජයටම

by mahesh
December 22, 2023 1:00 am 0 comment

නිරෝධ්‍යා සඳමිණි රණසිංහ
උපහාරයෙන් පිදුම් ලැබූ දරු දැරියෝ

මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිළිගැනීම සඳහා ‘ගුරු සිසු ප්‍රණාම’ නමින් උපහාර උලෙළක් ඉතා උත්කර්ෂවත් අයුරින් මීරිගම යොවුන් නිකේතනයේ දී පසුගියදා පැවැත්විණි.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයෙන් වැඩිම ලකුණු 191ක් ලබා ගත් සෙනුදි දනාරා දියණිය ඇතුළු සිසු සිසුවියන් 40දෙනකු මෙහිදී උපහාරයෙන් පිදුම් ලැබූහ. එමෙන්ම මෙම දරු දැරියන්ට පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා නැණ පහන දැල් වූ ගුරුවර ගුරුවරියන්ට උපහාර දැක්වීමක් ද මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවේ දී විද්‍යාලයීය දරු දැරියන්ගේ ගායනා හා නර්තනාංග රැසකින් මෙම උත්සවය වර්ණවත් කෙරුණු අතර උත්සවයේ සියලු නිවේදන කටයුතු ප්‍රාථමික අංශයේ නිවේදක නිවේදිකාවන් විසින් සිදු කිරීම ද මෙහි විශේෂත්වයකි.

විද්‍යාලයීය විදුහල්පතිනි ආර්. එම්. යූ. රත්නායක, හිටපු විදුහල්පති ජගත් පියතිස්ස, මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසලේ විදුහල්පති උදාර කරුණාරත්න, කහඳව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලියු. ආර්.පී.එච්. විජේසූරිය, මීරිගම මහජන බැංකුවේ කළමනාකරු එම්.ඒ.පී.එන්. මල්ලවාරච්චි, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් අනුර හේවාපන්නල, භාණ්ඩාගාරික ජනක ජයවීර ඇතුළු මහත්ම මහත්මීන් රැසක් ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූහ.

5ශ්‍රේණියේ ගුරුවර ගුරුවරියන් සමඟ විභාගය සමත් වූ ළමයින්ගේ දෙමාපියන් විසින් මෙම උත්සවය සංවිධානය කළ අතර මීරිගම මහජන බැංකුව, මීරිගම හැටන් නැෂනල් බැංකුව, මීරිගම සම්පත් බැංකුව, මීරිගම කොමර්ෂල් බැංකුව සහ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මේ සඳහා දායකත්වය දරන ලදි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT