277
දෙහිවල, කවුඩාන ශාස්ත්‍රානන්ද විදුහල් පරිගණක කාමරයට පරිගණක, පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම, කෘෂිකර්ම උපකරණ ප්‍රදානය හා පැළ සිටුවීමේ වැඩසටහනක් මහරගම සිංහ සමාජ දෙවන උප සිංහාධිපති ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විදුහල් පරිශ්‍රයේ දී සිදු කරනු ලැබිණි.
මෙම අවස්ථාවට සිංහ සමාජ රීගන් 3 සූන් 2 කලාපයේ සභාපති සිංහ තිළිණ පතිරණ, බොරලැස්ගමුව සිංහ සමාජ සභාපති සිංහ පාලිත චන්දන, ලේකම් සිංහ සරත්, සිංහ රසික රන්දුනු, සිංහ නදීකා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු සාමාජික පිරිසක් සහභාගී වී සිටියහ.