Home » ගෙයක් කුලියට අරන් කුඩු බිස්නස් කළ පේරාදෙණියේ සිසුවකුට මාංචු

ගෙයක් කුලියට අරන් කුඩු බිස්නස් කළ පේරාදෙණියේ සිසුවකුට මාංචු

by gayan
December 23, 2023 12:46 am 0 comment

සිසුවාගේ කාමරයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල බර කිරීමට හා ඒවා ඇසුරුම් කිරීමට යොදාගත් උපකරණ

පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන හෑෂ් මත්ද්‍රව්‍ය පැකට් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් කරගෙන ගිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ සිසුවකු පේරාදෙණිය පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.

ගන්නෝරුව ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් තරුණයකු දුන් තොරතුරු මත පොලිසිය නිල සුනඛ ලූකස්ගේද සහාය ඇතිව විශ්වවිද්‍යාල සිසුවා නවාතැන් ගෙන සිටි අදාළ නිවෙස වටලා තිබෙන අතර, එහි තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් පොලීසිය සොයාගෙන ඇත.

පේරාදෙණිය පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ (උ.පො.ප) ඒකනායක, (පො.සැ) 5584 සුගත්, 33161 බෝමුල්ල, (පො.කො) 74826 සූරියගොඩ යන නිලධාරීන් වැටලීම කර තිබෙන අතර, නිවෙසේ තිබී තරාදියක්, ලිපිකවර හා පොලිතීන් පැකට් තොගයක්ද සොයාගෙන තිබේ.

අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට තමා මෙලෙස මත්ද්‍රව්‍ය අලෙවි කළ බව සිසුවා පො‍ෙසියට පවසා ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේ සිසුවා විශ්වවිද්‍යාල ටී ෂර්ටයකින් සැරසී සිට ඇති අතර, කාමරයේ තිබී විශ්වවිද්‍යාල බෑග් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබේ.

රත්නපුර ප්‍රදේශයේ පදිංචි මේ සිසුවා සමඟ තවත් සිසුන් දෙදෙනකු අදාළ නිවෙසේ නවාතැන් ගෙන සිට ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේ ඔවුන් කාමරයේ නොසිටි බව පොලීසිය පවසයි. ඔවුන්ද මේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධද යන්න සෙවීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. මේ සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2014 කණ්ඩායමට අයත් බවට තොරතුරු අනාවරණය වන අතර, විභාගවලට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු මෙතෙක් උපාධිය ගෙන නැති බවද දැනගන්න තිබේ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT