මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි.
ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.
මියන්මාර රජය සමග එක්ව කටයුතු කරමින් මීට පෙර අවස්ථාවන්හිදී වරින් වර ලාංකිකයින් 32 දෙදෙනෙකු බේරාගැනීමට හැකිවූ බව ද එම ලිපිය මඟින් අවධාරණය කර ඇත.
මේ අතර, මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සයිබර් අපරාධ කලාපයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පහසු කාර්යක් නොවන බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි.
නවතම තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට එම ත්‍රස්ත ග්‍රහණයේ පසුවන බව ද වාර්තා වේ.
සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක ග්‍රහණයට නතුව ඇතැයි පසුගිය දින කිහිපයේ තොරතුරු වාර්තා විය.
ඔවුන්, මියන්මාරයේ සයිබර් අපරාධ කලාපය වන මියාවාඩි හි ත්‍රස්ත කඳවුරක සයිබර් වහලුන් ලෙස බලහත්කාරයෙන් රඳවාගෙන සේවය ලබාගන්නා බව ද හෙළිව ඇත.
මේ අතර, මියන්මාරයට ආසන්නයේ පිහිටි රාජ්‍යයක් වන ලාඕසය වෙතටද මේ ආකාරයෙන්ම තායිලන්තයේ රැකියා ලබාදෙන පවසා ශ්‍රී ලාංකිකයින් මිනිස් ජාවාරමට යොදාගෙන ඇති බව පසුගිය දින වල වාර්තා වේ.