Home » උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ‍්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන්

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ‍්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන්

by chanaka
December 23, 2023 4:38 pm 0 comment

2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවත තුළදී විභාග මධ්‍යස්ථාන ආශ‍්‍රිතව දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කරයි.

2023 අපොස උසස් පෙළ විභාගය එළඹෙන ජනවාරි මස 04 සිට ජනවාරි 31 දක්වා පැවැත්වේ.

විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය බලධාරින්සම්බන්ධ කර ගනිමින් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරින් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවයි.

මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2300කදී පැවැත්වීමට නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT