Home » චාමර වීරසිංහ ගැන කළුබෝවිල රෝහලෙන් විශේෂ ප්‍රකාශයක්

චාමර වීරසිංහ ගැන කළුබෝවිල රෝහලෙන් විශේෂ ප්‍රකාශයක්

by chanaka
December 23, 2023 4:47 pm 0 comment

කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා තවත් කෙටි කලක් එම රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කරයි.

පසුගිය 17 වන දා කළුබෝවිල රෝහල දැඩි සත්කාර ඒකකයට චාමර වීරසිංහ මහතා ඇතුළත් කර තිබිණි.

ඔහුට මේ වන විට නියුමෝනියා රෝගී තත්ත්වය පවතින බවත් ඔහුට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇති බවත් අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.

ඔහු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු බැවින් ටික කලක් රෝහල්ගතව සිටින්නට සිදුවනු ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT