Home » තුන් වසරකට පසු දහම් පාසල් විභාගය ලබන සතියේ දී

තුන් වසරකට පසු දහම් පාසල් විභාගය ලබන සතියේ දී

by chanaka
December 23, 2023 4:58 pm 0 comment

2020,2021 සහ 2022 වසරවලට අදාළ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ලබන 28 සහ 29 දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දහම් පාසල්වලින් මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර ඇත.

මෙතෙක් එම ප්‍රවේශපත්‍ර නොලැබී ඇත්නම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස දහම් පාසල් ප්‍රධානීන් වෙත සපයා ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර භාගත කර ගැනීමට හැකි බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT