Home » කොවිඩ් 19 රෝගීන් 52% කින් ඉහළට

කොවිඩ් 19 රෝගීන් 52% කින් ඉහළට

by chanaka
December 23, 2023 7:22 pm 0 comment

පසුගිය සති 04ක කාලය තුළ ගෝලීය නව කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව සියයට 52කින් ඉහළ ගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එම කාලය තුළ වාර්තාවූ නව රෝගීන් සංඛ්‍යාව 850,000 කි.

එමෙන්ම, නව COVID-19 රෝගීන් 118,000 කට අධික සංඛ්‍යාවක් රෝහල්ගත කර ඇති අතර, 1,600 කට අධික රෝගීන් සංඛ්‍යාවක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර තිබේ. එය ගෝලීය වශයෙන් පිළිවෙලින් 23% ක සහ 51% ක වැඩිවීමකි.

පසුගිය සතිවල BA.2.86 Omicron ප්‍රභේදයේ JN.1 යන උප ප්‍රභේදය ව්‍යාප්තිය සීඝ්‍රයෙන් වැඩිවීම ඊට හේතුවී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, JN.1 මඟින් බොහෝ රටවල ශ්වසන ආසාදන වර්ධනය කළ හැකි බවයි.

ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්සා, Respiratory syncytial (sin-SISH-uhl) virus (RSV) සහ ළමා නියුමෝනියාව යන ශ්වසන රෝග ද වැඩිවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔවුන් උපදෙස් දෙන්නේ, ජනාකීර්ණ, සංවෘත හෝ දුර්වල වාතාශ්‍රය පවතින ප්‍රදේශවල මුහුණු ආවරණ පැලඳීම, පුද්ගලයන් අතර ආරක්ෂිත දුරක් පවත්වාගැනීම, ශ්වසන ආචාර විධි අනුගමනය, අත් පිරිසිදුකිරීම සහ රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් පරීක්ෂා කරන ලෙසයි.

මේ අතර, මේ වන විට ගෝලීය COVID 19 රෝගීන් මිලියන 772 කට අධික සංඛ්‍යාවක් සහ COVID 19 මරණ මිලියන 7 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT