Home » බාර් වැසේ – නිවේදනය මෙන්න

බාර් වැසේ – නිවේදනය මෙන්න

by chanaka
December 23, 2023 7:25 pm 0 comment

නත්තල් දිනය සමරන දෙසැම්බර් 25වැනිදා සහ උඳුවප් පුර පසලොස්වක පොහොය යෙදෙන දෙසැම්බර් 26 වැනිදා දෙදින පුරා සියලුම මත්පැන් හල් වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එසේ වුවද දෙසැම්බර් 25වැනිදා නත්තල් දිනයේ සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරුකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල් සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත් වේ.

නමුත් පොහෝදින සුරාසල් වසා දැමීමට අදාළ නියෝගය සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතනයන්ටද බලපැවැත්වෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහතින්,

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT