Home » යන එන මං නැතිව අතරමං වූ සද්ධන්තයෝ

යන එන මං නැතිව අතරමං වූ සද්ධන්තයෝ

by chanaka
December 23, 2023 7:35 pm 0 comment

ඉපලෝගම, කුඹුක්ඇන්ද ප්‍රදේශයට පැමිණි වන අලි රංචුවක් නැවත කැලෑවට යාමට නොහැකි වීමෙන් අද (23) දවස පුරාම කුඹුක්ඇන්ද වැවේ රැදී සිටියහ.

දළ සහිත ඇතෙකු ඇතුළු වන අලි 05 දෙනෙකුගේ රංචුවක් මෙලෙස වැවෙහි රැදී සිටියහ.

ඊයේ (22) රාත්‍රියේ ආහාර සොයා ගම්වැදුණු මෙම වන අලි රංචුව, අවට ගෙවතු රැසක වගාවන්ට හානී සිදු කර ඇති අතර, එලෙස පැමිණි වන අලි රංචුවට අද (23) උදෑසන වන විටත් නැවත කැලෑවට යාමට නොහැකි වී ඇත.

ඒ හේතුවෙන් අලි රංචුව කුඹුක්ඇන්ද වැවේ රැදී සිටි අතර, ඔවුන්ට කැලෑවට යාමට නොහැකි වීම හේතුවෙන් වැවෙහි එහා මෙහා ගමන් කරමින්, වැව් රක්ෂිතයේ රැදී සිටියහ.

මෙම වන අලි රංචුව දැක ගැනීමට ප්‍රදේශවාසීන්ද විශාල පිරිසක් පැමිණ සිටියහ.

 

තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT