Home » ගාසා තීරයේ ආධාර වැඩි කිරීමේ යෝජනාවක් සම්මතයි

ගාසා තීරයේ ආධාර වැඩි කිරීමේ යෝජනාවක් සම්මතයි

by chanaka
December 23, 2023 9:48 am 0 comment

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය (UNSC) ගාසා තීරයට වැඩි ආධාර බෙදා හැරීමට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර ඇත.

ඊශ්‍රායලය සහ හමාස් අතර වහාම සටන් විරාමයක් සඳහා වන ඉල්ලීමට අදාළව දින කිහිපයක් පැවැති සාකච්ඡාවලින් පසුව සිය සාමාජිකයන්ගෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙම ඉල්ලීම සිදු කර තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ ප්‍රධානී අන්තෝනියෝ ගුටරෙම් පැවසුවේ ආධාර ලබාදීමේ “සැබෑ ගැටලුව” ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රහාර බවයි. යුද්ධය දිගටම පැවතුනහොත් ගාසා තීරයේ වැසියන් දරුණු සාගතයකට ගොදුරු විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 20,000 ක් මිය ගොස් ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT