ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පවසමින් කුරුණෑගල රිදීගම සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ජනතාව රවටා මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියාවක නිරතවූ පුද්ගලයන් කණ්ඩායමක් ඊයේ(23) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා මාතලේ සහ කුරුණෑගල පදිංචිකරුවන්ය.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 33ක් වන අතර, සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 27, 48 හා 65ක් වේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යනුවෙන් සඳහන් ස්ටිකර් මෙන්ම නාම පුවරුද ප්‍රදර්ශනය කෙරෙන වෑන් රථයකින් රිදීගම විහාරස්ථානයකට පැමිණ සිටියදී සැක සිතුනු ප්‍රදේශවාසීන් පිරිසක් මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී වංචනික ක්‍රියාව පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව ඇත.
මොවුන් ඉඩම් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගෙන ඇති බවටද පැමිණිල්ලක් ලැබී ඇත.
පසුව මේ පිළිබඳව ඔවුන් ඉඩම් අමාත්‍යාංශ ලේකම් බුවනෙක හේරත් මහතාට දැනුම්දී තිබේ.
අනතුරුව ඒ පිළිබඳව තොරතුරු සොයා බැලූ අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පිරිස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නමින් පෙනී සිටින වංචනිකයින් පිරිසක් බව හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස රිදීගම පොලීසියට දන්වා ඇත.
සැකකරුවන් පිරිස ඉඩම් දෙපාර්තමේන්තුව බව සඳහන් ටී ෂර්ට් වලින්ද සැරසී සිට ඇති බවද සඳහන්ය.
රිදීගම පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.