මෙවර නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්හට අමුත්තන් පෙන්වීම සිදු කිරිම සඳහා ලබන සදුදා(25) දවස පුරා සිදු කිරීම සඳහා දිවයිනේ සියලූම බන්ධනාගාරයන්හට උපදෙස් ලබා දී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.
බන්ධනාගාර නිත්‍ය නියෝගයන්ට හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙය ක්‍රියාත්මකය.
එදිනට නේවාසිකයින් බැලීම සඳහා බහුල වශයෙන් අමුත්තන් පැමිණීමට ඉඩ ඇති බැවින් බන්ධනාගාරයන්හි ප්‍රමාණවත් නිලධාරීන් යොදවා ආරක්ෂක කටයුතු තරකරමින් අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර ඇත.
එසේ බන්ධනාගාරයෙහි ප්‍රධාන දොරටුව අසල හා මාර්ගයන් අවහිර නොවන ආකාරයට එම පුද්ගලයන් සුදුසු අයුරින් ස්ථානගතකර අවශ්‍ය කටයුතු සියල්ල සිදුකරන ලෙසද සියලූම බන්ධනාගාර අධිකාරීවරුන් සඳහා උපදෙස් ලබාදී තිබේ.
සිරකරුගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එන ආහාර පාර්සලයක් හා රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් ගෙනවිත් එම සිරකරුට ලබාදීමට කටයුතු කරන ලෙස ද ඥාතීන් වෙත දැනුම් දීමත් කරනු ලැබේ.
එමෙන්ම අමුත්තන් බැලීම සඳහා පවතින නීති රීති හා පිලිපැදිය යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළු සියලු කරුණු බන්ධනාගාර ආයතනයේ අමුත්තන් පෙන්වන ස්ථානයේ හා ආයතනයේ පිටත සුදුසු ස්ථානයන්හි ප්‍රදර්ශනයට ලක් කිරීමටත් නේවාසිකයින් හට ලබා දෙන ආහාර සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥාපණතට හා දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග ඇතුළු අනෙකුත් බන්ධනාගාර නීතිරීති ප්‍රකාරව බන්ධනාගාර අධිකාරීවරයාගේ අධීක්ෂණය හා අවධානය යටතේ අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස දන්වා ඇතැයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.