ලොවපුරා කිතුණු බැතිමතුන් විසින් ජේසුස් වහන්සේගේ උපත අතිඋත්කර්ශවත් අන්දමින් සමරන අසිරිමත් නත්තල අද (24) මැදියම් රැයේදී උදාවීමට නියමිත ය.
කෙසේ නමුත් ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිදුවූ බවට සැළකෙන බෙත්ලෙහෙම කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වුවද මෙවර එහි වෙනදා නත්තල් සැමරුම් සිදුකිරීම අත්හිටුවා තිබේ.
අද වනවිට බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙසයි. මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා තිබේ.
මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ පළමු වරටය.
නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.