Home » ‘යුක්තිය’ මෙහෙයුම නතර කරයි

‘යුක්තිය’ මෙහෙයුම නතර කරයි

by chanaka
December 24, 2023 8:32 am 0 comment

රට පුරා ක්‍රියාත්මක “යුක්තිය” පොලිස් මෙහෙයුමට ජනතාවගෙන් ධනාත්ම ප්‍රතිචාර ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කියා සිටියි.

ඊයේ (23)මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

හෙට (24) අනිද්දා (25) සහ 26 යන තෙදින තුළ නත්තල් දිනය (25) සහ 26 වනදා යෙදී ඇති පොහොය දිනය හේතුවෙන් පොලිස් නිලධාරීන් යම් යම් විශේෂ රාජකාරී සඳහා යෙවීමට ඇති බැවින් අද(24) , හෙට(25) සහ අනිද්දා යන තෙදින තුළ මෙම යුක්තිය මෙහෙයුම තවකාලිකව නතර කිරීමට සිදුවී ඇතැයිද සදහන් කළේය.

සමාජයේ පවතින බොහෝ අපරාධ මෙම මෙහෙයුම නිසා යමු අඩුවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකි බවද ඒ මහතා පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

“රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම 17 වන දින සිට 23 වනදා දක්වා මුල් සතිය එනම්, දින 7ක කාලසීමාවක් අපි ක්‍රියාත්මක කළා. මෙය නතර කිරීමේ අදහසක් නැහැ. 25 නත්තල් දිනය විශේෂයෙන් 24, 25, 26 මේ… පොහොය දිනයත් එකට එළඹීමත් සමගම පොලිස් නිලධාරීන් යම් යම් රාජකාරීවල යෙදීමට අපට සිදුවෙනවා. යම් ආකාරයකට දින කිහිපයකට මෙම මෙහෙයුම් නතර කිරීමට සිදුවුවත් ඉදිරියේදී මෙහෙයුම් නොකඩවා සිදුකිරීමට කටයුතු කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT