Home » මාතර බන්ධනාගාරයෙන් තවත් රෝගීන් හමු වෙලා

මාතර බන්ධනාගාරයෙන් තවත් රෝගීන් හමු වෙලා

by chanaka
December 24, 2023 9:09 am 0 comment

මාතර බන්ධනාගාරය තුළ පැතිර යන උණ රෝගය සහිත රැඳවියන් කිහිපදෙනෙකු තවදුරටත් එහි රැදී සිටින බව වාර්තා වේ.

බන්ධනාගාර සෞඛ්‍ය අංශ සඳහන් කළේ එම රැඳවියන් අද (24) වහාම රෝහල් ගතකිරීමට පියවර ගන්නා බවයි.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 08 දෙනෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබූ අතර ඉන් එක් රෝගියෙකු පසුව ජීවිතක්ෂයට පත්විය.

මියගිය රැඳවියාගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කර ඇත.

කෙසේවෙතත්, සෞඛ්‍ය අංශ සඳහන් කළේ අදාළ රැඳවියා මියගොස් ඇත්තේ මොළයේ උණ තත්ත්වයක් හේතුවෙන් බවයි.

මේ අතර, සිරකරුවන් බැලීම සඳහා අද (24) සහ හෙට (25) විශේෂ දිනයක් ලෙස ප්‍රකාශ කර තිබුණ ද මාතර බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා අවසර ලබාදීමේ කාලය සීමාකිරීමට පියවරගන්නා බව බන්ධනාගාර සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඒ හේතුවෙන් අද සහ හෙට දිනයේ රැඳවියන් බැලීමේ කටයුතු සීමා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

එමෙන්ම නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාපටිපාටියේදී විශේෂ සැලකිල්ලක් දැක්වීමට බන්ධනාගාර සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවද සඳහන්ය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT