ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසය “අපේ අයිතීන් අපේ සම්පත් රැක ගන්නට අපේ පළාතේ පළාත් සභාව බලගන්නමු” යන තේමාව මුල් කොටගෙන පැවති සාකච්ඡාවක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ. අර්ජුන, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක තුසිත හර්ෂණ ඇතුළු තරුණ තරුණියන් රැසක් මෙන්ම පළාත් පාලන ආයතනවල හිටපු ජනතා නියෝජිතයන් පිරිසක් ද සහභාගී විය.
මෙම සාකච්ඡාවේ දී අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පුරවැසියන් වන අප සියලු දෙනාට වගකීමක් ඇති බවත් පළාත් සභා පිළිබඳව සහ බලය බෙදීම පිළිබඳව කතා කිරීමේදී දකුණේ ජනතාව තුළ ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති බවත්ය.