අධිවේගී මාර්ගවල රාජකාරිවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර ගැනීමට අවධානය යොමු කෙරේ.
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයන්හි හදිසි අනතුරු, ගිනි ගැනීම් වැනි අවස්ථාවල දී සහ අපරාධ මැඬලීම සඳහා දැනට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටු කළ කාර්යයන් විධිමත්ව ඉටු කිරිමේ වගකීම පැවරීමට විකල්ප ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමටද නියමිතය.
මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටුකරනු ලබන කාර්යයන් සහ එහි දී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර, එහි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටු කළ වගකීම පැවරීම සම්බන්ධව යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කෙරුණු අතර, මෙම කාර්යයන් වඩාත් වගකීමෙන් සහ විධිමත්ව ඉටුකරගත හැකි පරිදි සහ මාර්ග සංවර්ධන අධිකාරියට එම කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගත හැකි විධිමත් නිශ්චිත වැඩපිළිවෙළක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් සාගල රත්නායක මහතා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ හා ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.