Home » රට­ තුළ ඇති අභි­යෝග හඳු­නා­ගෙන තම වග­කීම් ඉටු ­කි­රී­මට එක්වෙමු
නත්තල් දින පණිවුඩ

රට­ තුළ ඇති අභි­යෝග හඳු­නා­ගෙන තම වග­කීම් ඉටු ­කි­රී­මට එක්වෙමු

by Gayan Abeykoon
December 25, 2023 1:28 am 0 comment

රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නත්තල් දින පණිවිඩයෙන් ජනතාවට ආරාධනා කර සිටියි.

අද දිනයේ නත්තල සමරන ලෝකවාසී සැමට සුබාසිංසන එක් කරමින් ජනාධිපතිවරයා සිය පණිවිඩයේ මෙසේද සඳහන් කර තිබේ.

නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යයයි. “කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුහ.” එම බලාපොරොත්තුව අලුත් කරන්නට අප සියලු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ නව බලාපොරොත්තු ඇති කරවන නත්තලක් අප සැමට උදා වේවායි පළමුව ප්‍රාර්ථනා කරමි.

“දිළිඳුන් සමඟ වේලක් වළඳන්න” යන තේමාව මුල් කර ගනිමින් ගවලෙනේ උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමරන අප කිසිදා එම යථාර්ථය අමතක නොකළ යුතු වෙමු.

සකල මිනිස් වර්ගයා පවින් මුදාගනු වස් කුරුසියේ සිය ජීවිතය පූජා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන නත්තල සැබෑ පරිත්‍යාගශීලි සමයකි. තමන්ට එරෙහි වූවන්ට, තමන්ට වින කළ වූවන්ට සමාව දෙන ලෙසත්, සියලු වෛරයන්, අමනාපයන් ඉවතලන ලෙසත් කිතුනු ආගමික ඉගැන්වීම්වලින් අපට කියා දෙයි.

නත්තල උත්සවශ්‍රීයෙන් සැමරීම තුළ බාහිර ආටෝපයක් දිස් වුව ද, සැබෑ ලෙසින් ඇතුළාන්තයෙන්, ආධ්‍යාත්මිකව අප තුළ යහපත් පරිවර්තනයක් සිදු නොවන්නේ නම් එය සැබෑ අරුත්බර නත්තලක් නොවනු ඇති බව මගේ හැඟීමයි.

අභියෝග රාශියක් තම කර මතට කඩා වැටුණු සමයක අප මෙවර නත්තල සමරන්නෙමු. රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ආරාධනා කරමින් ලෝකවාසී සැමට සාමය, සතුට සපිරි සුබ නත්තලකට සුබාසිංසන එක් කරමි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT