Thursday, May 15, 2025
Home » වෛරය-කෘෘර­ත්වය පිටු­දැක සමෘ­ද්ධි­මත් රටක් වෙනු­වෙන් ගමන අර­ඹමු

වෛරය-කෘෘර­ත්වය පිටු­දැක සමෘ­ද්ධි­මත් රටක් වෙනු­වෙන් ගමන අර­ඹමු

by Gayan Abeykoon
December 25, 2023 1:28 am 0 comment

උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි ගන්වන නත්තල, මානව ගරුත්වය සහ මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට නවමු අඩිතාලමක් ‌බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නත්තල් දින පණිවිඩයෙන් කියා සිටියි.

උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි ගන්වන නත්තල, මානව ගරුත්වය සහ මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට නවමු අඩිතාලමක් ‌බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නත්තල් දින පණිවිඩයෙන් කියා සිටියි.

එම දහම ආදරය, කරුණාව හා දයාව පිරි දෙනෙතින් යුතුව යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට ආදර්ශ ගෙන දෙන බව ද හෙතෙම පවසයි.

එම පණිඩිඩයේ මෙසේ ද සඳහන් වේ.

එය පීඩාවට පත් ජනතාව ඉන් මුදා, යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කැපවුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය මත වූ කාලීන සැබෑ අවශ්‍යතාවයකි.

මිනිසුන්ට සතුන්ට මෙන්ම පරිසරයට පවා කරුණාව පාමින් බෙදා හදා ගැනීමේ අපූරු පාඩම අවධාරණය කළ ජේසුස් වහන්සේගේ දහම අනුව වෛරය හා කෲරත්වය පිටුදකිමින් ගැටුම් සමනය වන ආර්ථිකමය වශයෙන් හා බවබෝගයෙන් සමෘද්ධිමත් වූ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මෙවර නත්තල නව ආරම්භයක් කර ගනිමු.

දුප්පත් – පොහොසත්, ස්ත්‍රී – පුරුෂ, කුල -මල, වාද – භේද පසෙකලා සාමය, සමාදානය හා සමානාත්මතාවය යන අපූර්ව පාඩම් මත පිහිටා, අන්‍යයන්ට පිහිට වෙමින්, අර්ථාන්විතව ගත කරන, සිත්සතන් සතුටින් පිරි සුබ නත්තලක් වේවායි පතමි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT