මහනුවර ජාතික රෝහලේදී පෙරේදා (23) මියගිය හැටපස් හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ් වයිරසය ආසාදිතව තිබෙන බව අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයා ෂිරෝසිස් රෝග තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල්ගතව තිබෙන බවත් මරණය සිදුව තිබෙන්නේ එම රෝග තත්ත්වය නිසා බවත් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මියගිය පසු පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර, එහිදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව හෙළිව ඇත. කොවිඩ් වසංගතය හමාර වීමෙන් දිගු කලකට පසු මෙම මරණය වාර්තාවීම විශේෂත්වයකි.
මියගිය පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව ඔහුගේ ඥාතීන්ට ද රෝහල මගින් දැනුම් දී තිබේ. මේ වනවිට කොවිඩ් ආසාදිත පුද්ගල මළ සිරුරුවල අවසන් කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය පෙර ලබා දී තිබූ නිර්ණායක ක්‍රියාත්මක නොවන බැවින් මළ සිරුර සාමාන්‍ය මළ සිරුරක් භාරදෙන ආකාරයෙන් ඥාතීන්ට භාර දීමට රෝහල් බලධාරීන් පියවරගෙන තිබේ.