291
ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල’ ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණි.
නත්තල උදාවු ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරු දෙවි මැදුරුවල ද දේව මෙහෙයන් පැවැත්වුණි.
මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පෙ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ දී පැවැත්වුණි.
සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ, ආත්මාර්තකාමීත්වයෙන් බැහැරව අධ්‍යාත්මික මංගල්‍යක් ලෙස සලකා මෙවර නත්තල සැමරීමට සියලුදෙනා වගබලා ගත යුතු බවය.