මීගහවත්ත පොලිස් වසමට අයත් සියඹලාපේ උතුර දික්වල දළුක්කැලේවත්ත ප්‍රදේශයේ ඊයේ (24) වැටලූ බව මීගහවත්ත පොලිසිය පවසයි.
නිවසක නාන කාමරයක් තුළ භුගතව තිබූ නීති විරෝධී කසිප්පු ස්කාගාරයක් වටලා ගෝඩා ස්ප්‍රීතු මිලි ලීටර් විසිහතර ලක්ෂ දාහත්දාහක් සමග ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
නිවසේ නාන කාමරයේ මතුපිට කොන්ක්‍රීට් තටිිටුවට යටින් පොලව යට වලදමා තිබූ ගෝඩා සහිත බැරල් වලට පිටතට නොපෙන අයුරින් කුඩා සිදුරැ තුනක් මගින් බටදමා නීති විරෝධී කසිප්පු පෙරීම සදහා උපයෝගි කරගන්නා ගෝඩා ස්ප්‍රීතු ලබාගෙන ඇති බව පොලීසිය පවසයි .
පොඩි ලාල් නමින් හදුන්වන පුද්ගලයෙකු විසින් සිය බිරිදවද දැනුවත්ව කලක සිට මෙම භුගත හොර මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි .
මෙහිදී ගෝඩා බැරල් 06ක් ගෑස් ලිපක් ගෑස් ටංකියක් ඇතුළු පෙරීමට අදාළ උපකරණ පොලිසිය විසින් සොයාගෙන ඇත . මෙහිදී පෙරීමට ලක් කරන හොර කසිප්පු කඩවත කිරිබත්ගොඩ හා බියගම වෙළද කලාපය අවට ප්‍රදේශ වලට බෙදාහැර ඇතැයිද පොලිසිය පවසයි .
අත්අඩංගුවට පත් සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.