අඹගස්දෝව දන්ගමුව ප්‍රදේශයේ වගාවකට ඇද තිබු විදුලි රැහැනක පැටලීමෙන් අද (25) අලුයම පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මිරිස්වත්ත, පහල දන්ගමුව ,අඹගස්දෝව ලිපිනයේ පදිංචි 29 හැවිරිදි කසුන් නිරන්ජන නැමැත්තෙකි.
එම ප්‍රදේශයේ පදිංචි ගොවි මහතෙකු විසින් තම බෝංචි වගාව ආසන්නයේ වන සතුන් දඩයම් කිරීමට ඇද තිබු අනවසර විඳුලි රැහැනක පැටලි මෙම අණතුර සිදුව ඇති බවට මුලික විමර්ශන වලදි කරුණු අණාවරණය වී ඇත.
ඒ අනුව අදාල වගාව හිමිකරු බව කියන එම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .
බණ්ඩාරවෙල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන , සහ පොලිස් අධිකාරි බි.එච්.එස් කළණසිරිපයන මහත්වරුන්ගේ උපදෙස් මත අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.එස්.කේ රත්නායක මහතා යටතේ වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය සදහන් කළේය.