Home » IMC Campus ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී පැවැත්වෙයි

IMC Campus ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී පැවැත්වෙයි

by chanaka
December 25, 2023 12:46 pm 0 comment

අයි එම් සී( IMC Campus) සරසවියේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා අයි. අයි.සී තාක්ෂණික සරසවියේ (IIC University of Technology )සාදර සහයෝගයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී අති සාර්ථක අයුරින් පැවැත්විණ.

උත්සවයේ ප්‍රධාන අමුත්තන් ලෙස ආචාර්ය අජිත් කොලෙන්න , අයි එම් සී සරසවියේ සමාරම්භක අධ්‍යක්ෂ ආචාර්ය කාව්‍යා ජයකොඩි සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත මොරපිටිය යන මහත්ම මහත්මීන් සහභාගි වීම විශේෂත්වයකි.

උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් 90කට අධික පිරිසකට මෙහිදී උපාධි පිරිණැමීම සිදුවිය.

අධ්‍යයන කාර්ය මණ්ඩල ප්‍රධානී අමල් විජේනායක සහ මධ්‍යස්ථාන කළමනාකාරිණී සරලා උඩදේවආරච්චි විසින් ඉතා අලංකාරවත් ලෙස උත්සවය සවිධානය කරනු ලැබ තිබිණ.

කාම්බෝජයේ අයි.අයි.සී තාක්ෂණික සරසවියේ අනුමිත හවුල්කාර ආයතනයක් වන අයි එම් සී සරසවියට ශ්‍රී ලංකාව තුළ ශාස්ත්‍රවේදී ශාස්ත්‍ර පති හා දර්ශන සූරි උපාධි පාඨමාලා පැවැත්වීමේ හා උපාධි පිරිණැමීමේ අයිතිය ඇත. අයි අයිසී තාක්ෂණික සරසවි මෙරට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද ආයතනයක් පමණක් නොව රාජකීය කාම්බෝජ රජයේ අනුමැතිය ද ජාත්‍යන්ත විශ්ව විද්‍යාල සංගමයේ අනුමැතියද ආසියා පැසිෆික් සරසවි සංගමයේ පිළිගැනීමද ලැබූ කීර්තිමත් ආයතනයකි.

අයි එම් සී සරසවියේ උපාධි හා පශ්චාත් පාඨමාලා රාශිය අතර Ph.D සහ DBA, ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි MBA,බැංකු හා මූල්‍යකරණ උපාධි සැපයුම් දාම කළමනාකරණය අධ්‍යාපන වේදී හා මුල් ළමාවිය අධ්‍යාපන වේදී ආදී ය වෙයි. සරසවියේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලය සියයට 97ක ශිස්‍ය සාර්ථකත්වයක් පවත්වාගෙන යෑමට ඇප කැපවී සිටිනව අතර වෘත්තීය හා පෞද්ගලික ජිවිතයට වටිනාකම් එකතු කිරීමද මෙහිදී සිදුවේ.

මේ වන විට 2024 ජනවාරි අධ්‍යයන වර්ෂය කණ්ඩායම සඳහා සිසුන් බඳවාගැනීම් සිදු කැරෙන අතර info@imceducation.lk විද්‍යුත් ලිපිනය හරහා ඊට අයැදුම් කළ හැකිය. අයැදුම් කිරීමේ පටිපාටිය පිළිබඳ මාර්ගෝපදේෂ සඳහා 011 2 942 922 හෝ 0772 922 922. දුරකතන අංක මඟින් ශිෂ්‍ය උපදේහකයන් හා සම්බන්ධ විය හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT