Thursday, May 15, 2025
Home » නත්තල් අසි­රි­යෙන් ලොව බැබ­ළෙයි

නත්තල් අසි­රි­යෙන් ලොව බැබ­ළෙයි

මුලින්ම නත්තල උදා වෙන්නේ නවසීලන්තයට

by Gayan Abeykoon
December 25, 2023 1:25 am 0 comment

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරෙන නත්තල් දිනයේදී ලොවම උත්සව අසිරියෙන් බැබළෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ලොව විවිධ රටවල් සංකේතවත් කරන කුලුනු, ස්මාරක සහ ගොඩනැඟිලි නත්තල් සැරසිලි හා විදුලි ආලෝක සැරසිලි අසිරියෙන් සතියක කාලයක සිට බැබළෙන අතර, මැදපෙරදිග රටවල් ද නත්තල සැමරීමට සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5ට නවසීලන්තයට මුලින්ම නත්තල උදා විය. පසුගිය වසරේ නත්තල උදා වන විට රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් උත්සන්න වී තිබූ අතර, මෙවර නත්තල උදාවන්නේ යුක්රේන යුද අරගලයට අමතරව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධයද පවතින මොහොතකදීය. සියලු ආර්ථික හා මානසික පීඩාවන් යටපත් කරමින් ලොව පුරා සියලු ජනතාව එක්ව නත්තල් අසිරිය විඳ ගැනීම මෙවර නත්තලේදී කැපී පෙනෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT