Thursday, May 15, 2025
Home » වනිඳු මිල දී ගැනී­මෙන් කෝටි­පති කාව්‍යාගේ සතුට දෝරේ ගලයි

වනිඳු මිල දී ගැනී­මෙන් කෝටි­පති කාව්‍යාගේ සතුට දෝරේ ගලයි

by Gayan Abeykoon
December 25, 2023 1:25 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ සේවය සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 1.5කට ලබා ගැනීම සම්බන්ධව ඉන්දීය රුපියල් කෝටි 409ක පමණ වත්කමක් හිමි කාව්‍යා මාරන් සතුටට පත් වෙයි.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් (SRH) කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන ඇය, අයිපීඑල් වෙන්දේසිය වෙනුවෙන් ඩුබායි වෙත පැමිණ සිටියාය.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් හිමිකරු කලනිධි මාරන්ගේ දියණිය වන කාව්‍යා මාරන් අයිපීඑල් වෙන්දේසියේදී ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මිල දී ගත් අතර, වනිඳු හසරංග ශ්‍රී ලංකා රුපියල් කෝටි 6කට සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගත්තේය.

පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 20.50කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 81කට) ඇය විසින් සන්රයිසස් හයිද්‍රාබාද් ක්‍රිකට් පිලට එක්කර ගත්තාය.

කාව්‍යා ක්‍රීඩකයින් මිලදී ගැනීමට ඉන්දීය රුපියල් කෝටි 34ක් රැගෙන ඩුබායි අරීනා ශාලාවට පැමිණි අතර, එයින් රුපියල් කෝටි 3ක් ඉතිරි කරගෙන ඇත. කාව්‍යා මාරන් සන් ටීවී හිමිකරු කලනිධි මාරන්ගේ දියණියයි. කලනිධි මාරන් 2018 දී සන්රයිසර්ස් හයිද්‍රාබාද් බලය කාව්‍යයාට භාර දුන්නේය. සන් ටීවී නෙට්වර්ක් ව්‍යාපාරය ද ඔවුන් සතු වේ.

කාව්‍යා මුල් අධ්‍යාපනය ලැබුවේ චෙන්නායිහිදීය. ඇය චෙන්නායි හි ස්ටෙලා මාරිස් විද්‍යාලයෙන් වාණිජ විෂය හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩනයට ගොස් එහි ව්‍යාපාරික උපාධියක් ලබා ගත්තාය. දකුණු ඉන්දීය චිත්‍රපට සඳහා ද මාරන් පවුල විශාල වශයෙන් මුදල් ආයෝජනය කර ඇත. කාව්‍යාගේ මව කාවෙරි මාරාන් සෝලා ටීවී කමියුනිටි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වේ. කාව්‍යාගේ මාමා වන දයානිධි මාරන් DMK පක්ෂයට අයත් මන්ත්‍රීවරයෙකි. කාව්‍යාගේ පියා කලනිධි මාරන් 2019 වසරේ තමිල්නාඩු ව්‍යාපාරික ලැයිස්තුවේ ප්‍රමුඛයා වූයේ ඉන්දීය රුපියල් කෝටි 1900ක ධනයක් සමඟිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT