සුනාමි ව්‍යයසන සිදු වු දෙසැම්බර් (26) “ජාතික සුරක්ෂිත දිනය” සමරා දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් සර්ව ආගමික වතාවත් සිදු කෙරුණි.
පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් එහි දී සිහිපත් කරන ලදී.
ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා සහ සම්පත් අතුකොරළ ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද (26) පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්විය.
සර්ව ආගමික වතාවත් පවත්වා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා නිසා මිය ගිය ජනතාව පිං පැමිණ වීම සිදු කළ අතර අතර ආපදා වලින් මිය ගිය ජනතාව සිහිපත් කරමින් සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. එසේම පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරිණි.
එසේම සුනාම් ව්‍යසනයෙන් විශාල සංඛ්‍යාවක ජීවිත අහිමි කරමින් පැරෑලිය ප්‍රදේශයේ දී සිදු වු දුම්රිය අනතුර සිහිපත් කරමින් සුනාමි ව්‍යසනයට ගොදුරු වූ දුම්රිය අනතුරු සිදු වු වේලාවට එම ස්ථානයට පැමිණ සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම ද සිදු කරන ලදී.
මීට සමගාමීව සෑම දිස්ත්‍රික්කයකම ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සව සංවිධාන කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
එසේම ආපදා කළමනාකරණය පිළිබද මහජනතාව දැනුවත් කිරිම, ආපදා පෙර සුදානම් සහ පෙරහුරු පුහුණු වැඩ සටහන් පැවැත්වීම, පාසැල් සිසුන් හා ගුරුවරුන් දැනුවත් කිරිම සහ පාසැල් උපකරණ බෙදාදීම යනාදී විෂේශ වැඩසටහන් ද අද සංවිධාන කර තිබිණි.