Home » හීන්න කන්ද රක්ෂිතය අලංකාර කළ සද්ධන්තයා විදුලියට බිලි

හීන්න කන්ද රක්ෂිතය අලංකාර කළ සද්ධන්තයා විදුලියට බිලි

by chanaka
December 26, 2023 4:36 pm 0 comment

වසරේ අවසන් පෝය වන උදුවප් පෝය ලබනවාත් සමගම වසර 20කට ආසන්න කාලයක් මැදවච්චිය හීන්න කන්ද රක්ෂිතය අලංකාර කළ සද්ධන්ත කුලයේ වල් අලියෙකු විදුලි සරැ වැදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇති වල් අලියා උස අඩි 09 ට ආසන්න බවත් වයස අවුරුදු 20 ක පමණ වන බවත් වනජීවි නිලධාරීහු පවසති.

25 වැනිදා මධ්‍යම රාත්‍රීය අවසන් වෙනවාත් සමගම මෙම වල් අලියා හීන්නකන්ද, හැලඹගස්වැව පිහිටි එස්. ජයන්ත සමරසිංහ නැමිති ගොවි මහතාගේ වගා භූමියට පැමිණ ඇත. අනතුරුව ඒ මහතගේ වගා භූමිය ආරක්ෂා කර ගැනීමට ගොවි මහතා විසින් සවිකර තිබූ විදුලි වැටේ මෙම අලියා ගැටී එක් කම්බියක් සපාගෙනම පැටලී බිම වැටී තිබේ.

එහිදී විදුලි සැර වැදීම හේතුවෙන් මෙම වල් අලියා මියගොස් ඇත.

මේ පිළිබඳ වැඩි දුර පරික්ෂණ අනුරාධපුර වන ජීවි කාර්යාල නිලධාරින් හා මැදවච්ය පොලිසිය එක්ව සිදු කරයි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT