Home » ලබන වසරේ චීනයේ ආහාර නිෂ්පාදනයේ ඉලක්කය මෙන්න

ලබන වසරේ චීනයේ ආහාර නිෂ්පාදනයේ ඉලක්කය මෙන්න

by chanaka
December 26, 2023 3:58 pm 0 comment

2024 වසරේ රටේ සමස්ත ආහාර නිෂ්පාදන ඉලක්කය ටොන් කෝටි 65 ඉක්මවන බව චීනය ප්‍රකාශ කරයි.

ධාන්‍ය, ඉරිඟු සහ සෝයා බෝංචිවල නිෂ්පාදන තත්ත්ව ස්ථාවර කිරීම සහ rapeseed වගාබිම් තවදුරටත් පුළුල් කිරීම 2024 වසරේ චීනයේ ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන ඉලක්කය බව චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.

2024 වසරේ, චීනය ප්‍රධාන ධාන්‍ය සහ තෙල් බෝග වගාබිම් විශාල වපසරියක නිෂ්පාදන ධාරිතාව අඛණ්ඩව වැඩිදියුණු කරනු ඇත. කෘෂිකාර්මික යන්ත්‍ර මිලට ගැනීම හා භාවිතය සඳහා සහනාධාර ඉහළ නැංවීම සහ කුලියට ගැනීමේ සේවා පුළුල් කිරීම මගින්, බීජ වැපිරීමේ යන්ත්‍ර භාවිතය පුළුල් කිරීමට චීන බලධාරීන් පියවර ගනු ඇත.

දැවැන්ත වගාබිම්වල අස්වනු කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ද ප්‍රවර්ධනය කෙරේ. ලබන වසරේ ඉරිඟු වගාව සඳහා තවත් කෝරළ 100 ක්, තිරිඟු සඳහා කෝරළ 100 ක් සහ rapeseed වගාව සඳහා කෝරළ 102 ක් එම ව්‍යාපෘතියට එක්කිරීමට නියමිතය.

චීනයේ සෝයා බෝංචි වගාවන්හි නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ද ලබන වසරේ ආරම්භ කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT