193
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙන් නත්තල දින සමාව ලබා රැඳවියන් 23ක් නිදහස් වී ගිය අතර, වසර 20කට අධික කාලයක් සිරදඬුවම් ලැබූ රැඳවියන් 12ක් ඇතුළු කෙටිකාලීන දඬුවම් ලැබූ නව දෙනෙකු නිදහස ලැබූවන් අතර විය. බන්ධනාගාර අධිකාරි ඩී.ඒ.එම්. නිමල් ශාන්ත, සහකාර අධිකාරී මංගල වැලිවිටිය, ප්‍රධාන ජේලර් සාලිය ප්‍රනාන්දු හා ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරි සමන් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී