මෙවර උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අද (26) දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇත. එම නියෝගය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතන සම්බන්ධයෙන් ද එක ලෙස බලපැවැත්වෙන බව නිවේදනයේ දැක්වේ.
මේ වසරේ නත්තල් දිනය යෙදුණු ඊයේ (25) දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබුණු අතර එහෙත් සංචාරකයන්ගේ පහසුව උදෙසා මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරුකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල් සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.
සුභාෂිණී සේනානායක