Tuesday, May 13, 2025
Home » සුනාමි දුම්රිය කොළඹින් පිටත් වෙයි

සුනාමි දුම්රිය කොළඹින් පිටත් වෙයි

by chanaka
December 26, 2023 9:32 am 0 comment

2004 වර්ෂයේ දෙසැම්බර් 26 වැනි දින සුනාමි ඛේදවාචකය හේතුවෙන් පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් දුම්රිය මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම වෙනුවෙන් අද (26) උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා දුම්රියක් ධාවනය විය.

මෙම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට පිටත් වූ අතර, එය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 6.50ට පිටත්ව තිබුණි.

2004 වර්ෂයේ සුනාමි අනතුරට පත් වූ දුම්රිය ඇන්ජිම වන 591 අදත් එලෙසම ගමන් ඇරඹීම මෙහි විශේෂත්වයක් වේ.

මෙහිදී කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් දුම්රිය තුළ පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකළ අතර පැරෑලිය දුම්රිය ස්ථානයේදී විනාඩි දහයක පමණ කාලයක් දුම්රිය නවත්වා සුනාමි සැමරුම් ස්ථානයේ පුෂ්පෝපහාර දැක්වීමටද නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT