Home » බදුල්ලට විශේෂ දුම්රිය දෙකක්

බදුල්ලට විශේෂ දුම්රිය දෙකක්

by chanaka
December 26, 2023 3:51 pm 0 comment

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් හෙට (27) සහ 29 යන දිනවල ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එම දුම්රිය දෙක කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.30 ට බදුල්ල බලා ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මේ අතර මේ මස 28 හා 31 යන දිනවල ද පෙරවරු 7.45 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් විශේෂ දුම්රිය දෙකක් කොළඹ දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT