Home » ඉහළ ගිය භාණ්ඩ මිල දරාගන්න ජනතාවට හැකියාවක් නෑ

ඉහළ ගිය භාණ්ඩ මිල දරාගන්න ජනතාවට හැකියාවක් නෑ

by gayan
December 26, 2023 1:00 am 0 comment

ඉහළ ගිය භාණ්ඩ මිල දරා ගැනීමට ජනතාවට හැකියාවක් නොමැති බවත් ඉතාමත් දුෂ්කර කාලයකට මෙරට ජනතාව මුහුණ දී සිටින බවත් නව වසර ආරම්භයේම ජනතාව ගැන සිතා නව වැඩපිළිවෙළක් තමන් දියත් කරන බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

“ජනතාවට සහන ‍දීම සම්බන්ධයෙන් ආණ්ඩුව නව වැඩපිළිවෙළක් දියත් කරනු ඇතැයි මා විශ්වාස කරනවා. කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය වැනි අභියෝගවලට ලක් වෙමින් දැඩි අසීරුතා මැද ජීවත් වූ ජනතාව මේ වන විට හෙම්බත් වෙලා ඉන්නවා. මෙවර නත්තල සැමරීමට ජනතාවට හැකියාවක් තිබුණේ නැහැ. හැම භාණ්ඩයකටම වැට් ගහලා භාණ්ඩ මිල අහස උසට ගිහින් තිබෙනවා. ජීවන වියදම අඩු කරමින් ජනතාවට සහන දෙමින් ඔවුන් මේ තත්ත්වයෙන් මුදාලීමට ආණ්ඩුව මැදිහත් වනු ඇති” යැයිද හෙතෙම කියා සිටියේය.

සුභාෂිණී සේනානායක, රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT