2024 යල කන්නයේදී ලොකු ලූණු වගාව සඳහා ලොකු ලූනු බල්බ කිලෝග්‍රෑම් 75,000ක් නුවරඑළියේ දී වසන්තීකරණය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් යොමු කර තිබේ. මෙමගින් සත්‍ය බීජ කිලෝග්‍රෑම් 75,00ක් ලබා ගැනීමට අපේක්ෂිතය.
ලොකු ලූනු සත්‍යබීජ ලබා ගැනීම සඳහා වසන්තීකරණයට ලක් කිරීම මගින් බල්බවලින් වැඩි මල් ප්‍රමාණයක් හට ගන්වා ගැනීම සඳහා මෙම වසන්තීකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වේ. සිටුවීමට සති 03කට පෙර සෙන්ටිග්‍රේට් අංශක 10-15 පමණ සිසිල් උෂ්ණත්වයක් යටතේ සති 03ක පමණ කාලයක් බල්බ ගබඩා කර තැබීය යුතුය. එමනිසා ලොකු ලූණු බල්බ වසන්තීකරණයට ලක් කිරීම සඳහා දඹුල්ලේ සිට නුවරඑළියට යොමු කර ඇත.
මෙම ලොකු ලූණු බීජ මගින් 2024 යල කන්නයේ දී හෙක්ටයාර් 2500ක ලොකුලූනු වගා කිරීමට සැලසුම් කර ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2023 යල කන්නයේ ද හෙක්ටයාර් 3500ක ලොකු ලූනු වගා කර තිබුනත් අස්වනු නෙලීමට පෙර එම වගාවන් වැස්සට හසුවීම නිසා නිසි පරිදි අස්වනු ලබා ගැනීමට නොහැකි වූ බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.