මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මේ ආණ්ඩුව කරන හොඳම වැඩක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ දෙවැනි දිනට ආරම්භ කෙරුණු”කිරිඳිවැල සතුටු පවුල” අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශන සැණකෙළියේ සමාරම්භක අවස්ථාවට ඊයේ (26) සහභාගී වෙමිනි.
කිරිදිවැල සතුටු පවුල අධ්‍යාපන ප්‍රදර්ශනය සහ වෙළෙඳ සැණකෙළිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිදිවැල මධ්‍ය මහා විද්‍යාලය සහ කිරිදිවැල මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පසුගිය 25වැනිදා ආරම්භ කෙරිණි.
එය 31 වැනිදා දක්වා පැවැත්වේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අධ්‍යාපන සහ වෙළඳ කුටි 50කට වැඩි ගණනකින් මෙය සමන්විතය.
ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබාගැනීම තම බළාපොරොත්තුව බවත් විපක්ෂයට යෑමට හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ලබා ගැනීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
ප්‍රශ්නය- ඉදිරි වසර මැතිවරණ වසරක්.පක්ෂයට අලුතින් ආසන සංවිධායකයන් පත්කරන්න බළාපොරොත්තු වෙනවද?
පිලිතුර- එහෙම එකක් නැහැ.ඉන්න සංවිධායකයන්ගෙ වරදක් නැහැ.මැතිවරණයකුත් තියෙනවනේ.
ප්‍රශ්නය- පක්ෂය හැරගිය අය සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද?
පිලිතුර- පක්ෂය හැර ගිය අය වෙනුවට අලුත් අය පත් කරනවා. මම හිතන්නේ දැනටම ඒ දේවල් කරල තියෙනවා.
ප්‍රශ්නය- මේ දවස්වල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නවා.
පිලිතුර- මම හිතන්නෙ මේ ආණ්ඩුව කරන හොඳම වැඩක් ඒක.මේ රටම විනාශ වෙන්නෙ මත්ද්‍රව්‍ය නිසයි.
ප්‍රශ්නය- විපක්ෂනායක ධූරය ගන්න ඔබතුමා සූදානම් වෙනව කියල කතාබහක් යනවා.ඒක ඇත්තද?
පිලිතුර- තාම එහෙම කතාවක් නැහැ.අපේ බළාපොරොත්තුව ඊළඟ මැතිවරණයේදී බලය ලබාගැනීමයි.විපක්ෂයට යන්න බළාපොරොත්තුවක් නැහැ.
ප්‍රශ්නය- ඉදිරියේදී බදු අඩුකරනවද?වැඩිකරනවද?
පිලිතුර- බදු නැතිකරන්න බැහැනේ.බදු තියේවි. මම කියන්නේ මිනිස්සුන්ට සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන.