312
සිරියාවට එල්ල වූ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියකු ජීවිතක්ෂයට පත් වූ බව ඉරානය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. සිරියාවේ දමස්කස් අගනුවර මේ ප්‍රහාරය එල්ල වී ඇතැයි ද, ජෙනරාල් සෙයියද් රාසි මෝසවි නමැති ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු මේ ප්‍රහාරයට ගොදුරු වී ඇතැයි ද ඉරානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
සිරියාව සහ ඉරානය අතර හමුදා සහයෝගිතාව සම්බන්ධව රාජකාරියේ නිරතව සිටි බව කියන එම හමුදා ප්‍රධානියා ඉරාන ආරක්ෂක ජාලයේ අතිශය වැදගත් පුද්ගලයකු බව ද සඳහන් වේ. දකුණු ලෙබනනයේ සිට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන හෙස්බුල්ලා සංවිධානයට ඉරානය සහාය දෙන බව මීට පෙර ඊශ්‍රායලය චෝදනා එල්ල කර තිබිණි.