රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිත මහරගම, පිළිකා රෝහලේ සංවර්ධන අරමුදලට සහ දේවාලයේ පඬුරු පෙට්ටි වෙත විශාල වශයෙන් ආධාර එක්රැස් වෙමින් තිබේ.
එම දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ අනෙකුත් කපු මහතුන් විසින් දේවාලයට පූජා කරන රත්රන් සහ මුදල් ආධාර තම පෞද්ගලික පරිභෝජනය සඳහා යොදා ගැනීම පිළිබඳ මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමේ ප්‍රතිඵලයක් ලෙස බැතිමතුන් පූජා වට්ටිවල මුදල් තැබීම වෙනුවට මහරගම, පිළිකා රෝහලේ සංවර්ධන අරමුදලට සහ දේවාලයේ පඬුරු පෙට්ටි වෙත විශාල වශයෙන් ආධාර ලෙස මුදල් දැමීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව එම දේවාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
රුහුණු කතරගම මහා දේවාලයේ කපු මහතුන් සිදු කරන මෙම ක්‍රියාව මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ එම දේවාලය වෙත පූජා වට්ටිවල තබා ලබාදෙන මුදල් හා රත්රන් විශාල වශයෙන් පහළ බැස තිබෙන බව ද ඒ අනුව ආදායම විශාල වශයෙන් පහත වැටී තිබෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ගතවූ මාස 11ක කාලයේදී කතරගම මහා දේවාලයේ පඬුරු පෙට්ටි වෙත රුපියල් ලක්ෂ 340ක පමණ මුදලක් එක්රැස් වී තිබෙන අතර ඊට අමතරව මහරගම, පිළිකා රෝහලේ සංවර්ධන අරමුදල ස්ථාපිත කළ මාස දෙකක පමණ කාලයේදී රුපියල් ලක්ෂ 83ක පමණ මුදලක් එකතු වී තිබේ. කෙසේ වුවද රුහුණු කතරගම මහා දේවාලයට ගොස් යාතිකා කිරීම වෙනුවට බැතිමතුන් එම දේවාලය ආසන්නයේ පිහිටි කිරි වෙහෙර පිටුපස වූ දේවාල දෙක වෙත ගොස් යාතිකා කොට ආධාර ලබාදීමට කටයුතු කරන බව ද ඒ හේතුවෙන් රුහුණු කතරගම මහා දේවාලය වෙත ලැබීමට තිබූ ආධාර විශාල වශයෙන් පහත වැටී තිබෙන බව ද එම දේවාලයේ ප්‍රකාශකයා සඳහන් කළේය.
මහින්ද අලුත්ගෙදර