Tuesday, May 6, 2025
Home » සිරිපා වන්දනා සමයේ කළ යුතු නොකළ යුතු දේ ගැසට් නිවේදනයකින්

සිරිපා වන්දනා සමයේ කළ යුතු නොකළ යුතු දේ ගැසට් නිවේදනයකින්

by thanushika
December 27, 2023 8:43 am 0 comment

සුභාෂිණී සේනානායක

සිරිපා වන්දනා සමය තුළ සිදු කළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය මඟින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කර ඇති අතර ප්‍රධාන කරුණු 10කින් එය සමන්විත වේ.

2023-2024 ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (26) යෙදී ඇති උඳුවප් පුර පොහොය දිනෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව ඊයේ දිනයේ සිට ලබන වසරේ මැයි මස 24 වැනි දින දක්වා ශ්‍රී පාද වන්දනා සමය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

මේ ගැසට් නිවේදනය මඟින් සිරිපා මළුව විශ්‍රාම ශාලා ප්‍රදේශයේ මෙන්ම ගමන් මාර්ගයේ වෙළෙඳාම තහනම් කර ඇති අතර අවසර ලත් ස්ථානවල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය හෝ වෙනත් දෑ අලෙවි නොකළ යුතු බවත් මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රව්‍යයක් ගමන් මාර්ගයේ රැගෙන යෑම, තබා ගැනීම විකිණිම මිල දී ගැනීම හෝ භාවිත කිරීම තහනම් කර ඇත. සිරිපා පිවිසුම් මාර්ගයේ දෙපස අවසර ලත් ස්ථාන හැර කිසිදු ස්ථානයක තාවකාලික හෝ ස්ථිර වෙළෙඳසල් තැනීම හෝ පවත්වාගෙන යෑම හෝ වෙළෙඳාම් කිරීම තහනම් කර ඇති අතර විකිණීමට ඇති ආහාර ද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන අයුරින් වසා තැබිය යුතු බව ඇතුළු කරුණු ගණනාවක් දැනුම් දෙමින් මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT