Home » රෙක්ස්ගේ අවසන් කටයුතු අද – උදුලාගේ අවසන් කටයුතු හෙට

රෙක්ස්ගේ අවසන් කටයුතු අද – උදුලාගේ අවසන් කටයුතු හෙට

by chanaka
December 27, 2023 10:33 am 0 comment

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතාගේ දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ මේ වනවිට තැම්පත් කර තිබේ. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) පස්වරු 4.00ට කොළඹ කනත්තේදී සිදු කෙරේ.

සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා පසුගිය 24වැනිදා පෙරවරුවේ අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.

චිත්‍රපට 150 කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායකවී ඇති ඒ මහතා ‘කතුරු මුවාත්’ චිත්‍රපටයේ රංඟනයෙන් සිනමාවට පැමිණියේය.

මේ අතර අභාවප්‍රාප්ත ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ මෙනවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) සවස 5.00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. මියයන විට ඇය 87 වියෙහි පසුවිය.

“කැළෑ හඳ” චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි ඇය කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා පිටියේ” විවිධ වැඩසටහන්වලට සහභාගී වීමෙන් අනතුරුව 1954 දී වරදකාගේ ද, රදළ පිළිරුව යන චිත්‍රපට වල විවිධ චරිතවලට පෙනී සිටිමින් අතිශය ජනප්‍රියත්වයට පත්වූවාය.

1956 වර්ෂයේ සිට 1970 දක්වා චිත්‍රපට රාශීයක උදුලා දාබරේ මෙනවිය සිය රඟපෑම් ඉදිරිපත් කර තිබේ.

සිනමාස්ගේ දොස්තර, දුප්පතාගේ දුක, දස්කම, ගැහැණු ගැට, නළඟන, පිරිමියෙක් නිසා, සුවිනීත ලාලනී, දරුවා කාගේ ද, සුළලිත ශෝභිනී, සුභ සරණ සැප සිතේ, සැකය, සීගිරි කාශ්‍යප, කපටිකම, මනමාලයෝ සරණ, අක්කා නගෝ, සූරයන්ගෙත් සූරයා හා දැන් මතක ද ආදී චිත්‍රපට ඒ අතර වේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ පිළිගැනීම් හා මහජන සම්බන්ධතා නිලධාරිනී ලෙස සේවය කළ ඇය වසර 07ක නිහැඬියාවකින් පසු අවසන් වරට 2018 උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබාදෙන්නට විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT