දිවයින පුරා පසුගිය 9 වනදා සිදුවූ විදුලි බිද වැටීමට හේතුව තම වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි.
පසුගියදා පැවති මාසික සභාවාරයේදී ඔවුන් ඒ බව දැනුම්දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු පැවසීය.
විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය 09වැනිදා පැය 5කට ආසන්න කාලයක් විදුලි බිඳවැටීම යථාතත්ත්වයට පත් කිරීමට හැකියාව නොලැබීම තම මණ්ඩලයේ ගැටලුකාරී තත්ත්වයක් බවය.
අදාල විදුලි බිඳවැටීමට හේතුවී ඇත්තේ පද්ධතියේ පවතින ගැටළු බවට විදුලිබල මණ්ඩලය පෙන්වාදී තිබේ.
කොත්මලේ, බියගම සම්ප්‍රේෂණ මාර්ගයේ හටගත් දෝෂය යළි සිදුනොවීමට නම් නව සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකළ යුතු වේ.
මේ පිළිබඳ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතු බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.