Home » ගලබඩ ඇල්ලේ මියගිය සිසුවාගේ මරණ පරික්ෂණයෙන් කරුණු රැසක් හෙළිවෙයි

ගලබඩ ඇල්ලේ මියගිය සිසුවාගේ මරණ පරික්ෂණයෙන් කරුණු රැසක් හෙළිවෙයි

by yasara
December 27, 2023 4:42 pm 0 comment

නාවලපිටිය ගලබඩ දිය ඇල්ලේ දිය නැමට ගොස් දියේ ගිලි මියගිය කඩුගන්නාව පනාබොක්ක ප්‍රදේශයේ පදිංචි පසිදු චමෝද් නැමති 15 හැවිරිදි පාසල් සිසුවාගේ මරණ පරික්ෂණය අද (27) දින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නාවලපිටිය හදිසි පරික්ෂක මල්ලිකා හේවාරත්න විසින් පවත්වා තිබෙයි.

මෙම මරණ පරික්ෂණයේදි සාක්ෂි ලබාදුන් මියගිය සිසුවාගේ මව වන බෙරකාර ගෙදර අයිරාංගණි මහත්මිය සාක්ෂි ලබාදෙමින් මෙසේ පැවසිය.

මේ මිය ගිහින් තියෙන්නේ මගේ දෙවනි පුතා  මම එයාගේ සිරුර හදුනාගත්තා  මියගිය පුතා (25) දින කඩුගන්නාවේ මුදලිවත්ත ප්‍රදේශයේ  ආච්චිලාගේ ගෙදර යනවා කියලා ගියා  ඊට පස්සේ එහේ ඉදන් තාත්තට ඇමතුමක් ලබාදිලා තියෙනවා මම (26) දින කඩුගන්නාවේ ඉහල කොට්ටේ මීයන් ඇල්ල බලන්න යනවා කියලා

ඊට පස්සේ මගේ පුතායි එයාගේ යාලුවෝ පස්දෙනෙක් එක්ක කඩු ගන්නාවේ දුම්රිය ස්ථානයට ගිහින් තියෙනවා උදේ 8.30  එවේලාවේ කොළඹ දුම්රිය ගිහිල්ලා  පස්සේ බදුල්ලේ දුම්රිය ඇවිල්ලා තියෙනවා  එකේ නැගලා දුම්රියේ එන ගමන් අන්තර්ජාලයෙන් ගලබඩ ඇල්ල තියෙන ස්ථානය සොයලා එතනට ගිහිල්ලා.

ගලබඩ ඇල්ල ගාවට ගිහිල්ලා පොටෝ ගහලා තියෙනවා (26) දින හවස නාවලපිටිය පොලිසියෙන් මට ඇමතුමක් අරන් කිව්වා ඔයාගේ පුතා ගලබඩ දිය ඇල්ල බලන්න ගිහින් වැටිලා නාවලපිටිය රෝහලට ඇතුලත් කරලා තියෙනවා එන්න කියලා ඊට පස්සේ ඉස්පිරිතාලේට ගියාට පස්සේ තමයි දන්නේ පුතා මිය ගිහිල්ලා කියලා.

මරණ පරික්ෂණයේදි සාක්ෂි ලබාදුන් එම පාසල් සිසුවාගේ මිතුරෙකු වන ළහිරු බණ්ඩාර කියා සිටියේ මම පසිදු චමෝද් හදුනගත්තේ මීට අවුරුද්දකට පමණ ඉස්සර වෙලා , අපි අවුරුද්දක් විතර හොදින් හදුනනවා

අපි ගලබඩ දිය ඇල්ල බලන්න ගියා , අපි ගලබඩ දිය ඇල්ල බලන්න ටිකට් ගත්තා එදා දිය ඇල්ල බලන්න ගොඩක් අය ඇවිල්ලා තිබ්බා ඊට පස්සේ අපි ටිකක් පහල ඇවිල්ලා වලක නාන්න හිතාගෙන ඇදුම් ගලවලා වලට පැන්නා ඊට පස්සේ පසිදු ගිලෙනවා කියලා කැ ගැහුවා අපි හිතුවේ විහිලුවට කියලා

ඒ වලේම නාගෙන හිටපු අයියා කෙනෙකුයි මමයි ළගට ගියා අපිට පසිදුව ගන්න වුණේ නැ  අපි කරේ ඇදලා හිටපු කලිසම් ගලවලා කඹයක් වගේ හදලා එයාට දුන්නා , එයාට අල්ල ගන්න බැරිවුණා.

මෙම හදිසි මරණ පරික්ෂණය සිදු කල නාවලපිටිය හදිසි මරණ පරික්ෂක මල්ලිකා හේවාරත්න මහත්මිය මියගිය සිසුවාගේ දෙමව්පියන් සහ ඔහුගේ මිතුරන් සමග කියා සිටියේ දරුවන් පිලිබදව මීට වඩා දෙමව්පියන් සැලකිලිමත්ව කටයුතු කල යුතු බවයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT